News

ජාතික අක්ෂි රෝහලේ සායන නැවත ආරම්භ කරයි

ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු ද සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රවේදයන් භාවිත කරමින් නැවත ආරම්භ කිරීමට තිරණය කර ඇති බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍යම යු.පී.කුමාරතිලක මහත්මිය සඳහන් කළේය.

ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු සමාජ දුරස්ථභාවය සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිත කරමින් නැවති ආරම්භ කිරීමට නියමිතයි.

අක්ෂි රෝහලේ සායන ප්‍රතිකාර සේවා ලබාගන්නා පුද්ගලයින් සායන දිනය හා වේලාව වෙන්කරවා ගෙන සායනයට පැමිණෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සායන සදහා පැමිණීම පිළිබද තොරතුරු දැනගැනීම සදහා 0112693911 අමතන්න.