News

ජාතික ආණ්ඩුවේ අවශ්‍යතාවය ඇත්තේ ඇමති මණ්ඩලය වැඩිකිරීමට නොවේ – තලතා

ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය වන්නේ ඇමති මණ්ඩලය වැඩි කිරීම නොවන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය බලංගොඩ ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමෙන් පසුව මාධ්‍යවෙත අදහස් දක්වමින් කියා සිටියා.

අළුත් ව්‍යවස්ථාවක් කියමින් ඒකාබද්ධය බිල්ලෙක් මවමින් රට වටේ යන බවත් කිසිම හේතුවකට මේ රටේ ඒකීයභාවයවවත් භෞමික අඛණ්ඩතාවයවත් බිදෙන්නේ නැති බව අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය එම අවස්ථාවේදී සඳහන් කළ අතර අධිකරණය තුළ යම්කිසි වෙනසක් වීමට අවශ්‍ය වන්නේ නම් ව්‍යවස්ථාවේ වෙනසක් විය යතු බව අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.