News

ජාතික ආණ්ඩුව ගැන මුස්ලිම් කොංග්‍රසයේ තීන්දුව අද

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද පස්වරුවේ ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා.

මෙතෙක් ඒ සම්බන්ධයෙක් කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවයි එම පක්ෂයේ ආරංචි මාර්ග සදහන් කළේ.

ඒ අනුව මුස්ලිම් කොංග්‍රසය අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.