Top Story

ජාතික ආණ්ඩුව දෙකඩ වෙයිද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට වන යෝජනාවක් අද(13) දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිඛිතව ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි.

පසුගියදා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික යෝජනාවකට අනුව අදාල ලිඛිත ඉල්ලීම ඉදිරිපත් කරන බව මන්ත්‍රීවරිය සඳහන් කළේය.

ඒ අනුව පසුගිය දින කිහිපය තුළ මේ සම්බන්ධයෙන් 15 දෙනාගේ කණ්ඩායම දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කර තිබේ.

ජාතික ආණ්ඩුව තුළ තවදුරටත් කටයුතු කිරිම සුදුසු නොවන බව මෙහිදී 15 දෙනාගේ මන්ත්‍රී කණ්ඩායම යෝජනා කර ඇත.

ජාතික කණ්ඩායමෙන් ඉවත් නොවුණහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට සහභාගී වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනිමට සිදුවන බව ද මන්ත්‍රී කණ්ඩායම මෙහිදී ප්‍රකාශ කර තිබේ.