News

ජාතික ආණ්ඩු යෝජනාව පිලිබඳ අද පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා

අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වේ. එහිදී ජාතික ආණ්ඩු යෝජනාව පිළිබද සාකච්ඡා කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ අනෙකුත් ඉදිරි කටයුතු පිළිබදව ද මෙම පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇති අතර ජාතික ආණ්ඩු යෝජනාව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත පසුගිය 1 දා භාර දී ඇත.

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තම පක්ෂය අවසන් තීන්දුවක් මෙතෙක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඊයේ දින සඳහන් කළා.

එම පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය අලි සහිර් මවුලානා කියා සිටියේ තම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තවදුරටත් සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීමට බලාපොරොත්තු වන බවයි.