News

ජාතික පොසොන් සතිය ජූනි 2 සිට 8 දක්වා

ආගමික හා සංස්කෘකතික කටයුතු අමාත්‍යාංශය විසින් ජුනි මස 2 දා සිට 8 වැනිදා දක්වා කාලය ජාතික පො​සොන් සතිය ලෙස ප්‍රකාශයට පත්කොට තිබේ. එම කාලය තුළ අනුරාධපුරය සහ මිහින්තලය කේන්ද්‍ර කර​ ගනිමින් පොසොන් රාජ්‍ය උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර පවසයි.

අනුරාධපුර අටමස්ථානයට අයත් විහාරස්ථාන, සිතුල්පව්ව සහ යුදගනාව රාජමහා විහාරස්ථානවලදී වි​ශේෂ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක බව ලේකම්වරයා ප්‍රකාශ කරයි. මෙම සියලු වැඩසටහන් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමටද කටයුතු යොදා තිබේ. පොසොන් සතිය තුළ තොරණ ඉදිකිරීම සඳහා සූදානම් වූ පිරිස් එම මුදල් කොවිඩ් 19 අරමුදලට ලබාදෙන ලෙස අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

උදයජීව ඒකනායක