ජාතික හැදුනුම්පතේ අංක අනුව නිවසින් බැහැරවීම නීතියක් නොව ඉල්ලීමක්
ජාතික හැදුනුම්පතේ අංක අනුව නිවසින් බැහැරවීම නීතියක් නොව ඉල්ලීමක් පමණක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අද දිනය තුල ජාතික හැදුනුම්පතේ අංක 03 සහ 04 යන අංක සඳහන් පුද්ගලයින්ට පාරිභෝගික සේවා ස්ථාන සඳහා පැමිණිමට අවස්ථාව පවතින බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කලේ.
කෙසේවෙතත් අත්‍යාවශ්‍ය සේවා සඳහා පිටත්ව යාමේදි මෙය ජාතික ඇදුනුම්පතේ අංක ගැලපීම බාධාවක් නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඇඳිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල පුද්ගල කණ්ඩායම් එක් රැස් වීම තවදුරටත් තහනම් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
