News

ටියුෂන් අරඹන්න නිර්දේශ සකසන්න පවිත්‍රා නිලධාරීන්ට දැනුම්දෙයි

පෞද්ගලික උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය නිර්දේශ සකස්කරන ලෙස ‍සෞඛ්‍ය අමත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යවරිය සමග පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව ඒ සඳහා මාර්ගෝපදේශ සකස් කිරීම ආරම්භ කළ බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් ප්‍රකාශ කරයි. මාර්ගෝපදේශ සකස් කළත් රජය විසින් පෞද්ගලික පන්ති ආරම්භ කිරීමට අනුමැතිය ලබාදුන් පසු මෙම නිර්දේශ ක්‍රියාත්මක කළ හැකි බව ඔහු අවධාරණය කර සිටියි.

උදයජීව ඒකනායක