News

ක්‍රීඩා නිලධාරියෙක්ට කොවිඩ්

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා නේවාසිකාගාරයේ සහ පරිශ්‍රයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ නිලධාරීන් හට කරන ලද අහඹු පී.සී.ආර් පරීක්ෂණයකින් එක් නිලධාරියෙක් කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනා ගන්නා ලදි.

ආසාදිත නිලධාරියා සමඟ පී.සී.ආර් පරීක්ෂණයට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු, නිලධාරීන් සිව්දෙනෙකු සහ රියැදුරෙකු ඇතුළුව පළමු පෙළ සම්බන්ධතා සහිත සියල්ලන්ම නිරෝධනයට ලක් කර තිබේ.

රෝගී නිලධාරියා හෙළිකර ගැනීමෙන් පසුව නැවත දැනුම් දෙනතුරු නේවාසිකාගාරයට පිටස්තරයන් ඇතුළුවීම තහනම් කර තිබෙන අතර, පිටවීමේදී දැඩි සීමාවන් පනවා තිබේ.

මෙම සිදුවීමෙන් නේවාසිකාගාරයේ ගත කරන ක්‍රීඩක ක්‍රීඩිකාවගේ දෛනික පුහුණුවීම් කටයුතුවලට බාධාවක් නොමැති බවත්, ඔවුන්ට දැඩි සෞඛ්‍ය නීතිරීති හා සීමාවන් යටතේ එම කටයුතු කරගෙන යාමට අවසරය ලබාදී තිබේ.

ඒ අනුව මේ වන විට ක්‍රීඩා නේවාසිකාගාරය ඇතුළු සෙසු පරිශ්‍රයන් කොවිඩ් 19 ආරක්ෂිත කලාපයක් ලෙස පවත්වා ගෙන යාමට සියලු කරටුතු සිදු කර ඇත.