ඩයනාගේ ජන්ම දිනයේ නිරාවරණය වන පිළිරුව
බ්‍රිතාන්‍ය ඩයනා කුමරියගේ මීළඟ ජන්ම දිනය, 60 වන ජන්ම සංවත්සරය යෙදී ඇත්තේ ලබන වසරේ ජුලි 1 වන දාටයි.
මෙ නිසා බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගේ මීළඟ ජන්ම දිනයේදී ලන්ඩනයේ කෙන්සින්ටන් මැදුරු උද්‍යානයේ ඇගේ පිළිරුවක් ස්ථාපිත කරන බව වාර්තා වනවා.
36 හැවිරිදි වියේ පසු වූ ඇය පැරීසියේ මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණා. අනතුර සිදුවී ලබන සඳුදාට වසර 23ක් වනවා.
ඒ වන විට වයස අවුරුදු 15ක් සහ 12ක් සිටි විලියම් සහ හැරී කුමරුන්, ඩයනා කුමරියගේ පිළිරුව අනුමත කළේ ඇගේ අභාවයෙන් 20 වසරක් සපිරුණු 2017 බව වාර්තා වනවා.
කෙන්සින්ටර් මැදුරු උද්‍යානයේ ඇගේ පිළිරුව ස්ථාපිත කිරීම ප්‍රමාද වුයේ කොවිඩ් වසංගතයේ බලපෑම නිසා බවද පැවසෙනවා.
