News

ඩ්‍රෝන තාක්ෂණයෙන් ශරීර උෂ්ණත්වය මනින උපකරණයක්

ඩ්‍රෝන තාක්ෂණයෙන් ශරීර උෂ්ණත්වය මනින උපකරණයක් පිළිබඳව  මොරටු පුත්‍රයෙකුගේ නිර්මාණය අරුණ

ඉ-පුවත්පත මගින් පසුගිය අප්‍රේල්   (9 වැනිදා) එළිදරව් කෙරිණි.

එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු,මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු සහ නාගරික මන්ත්‍රීවරුන්ගේ වැඩිදුර උපදෙස් මත මෙම උපකරණයේ

ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරමින් ඩෙවීන් ප්‍රනාන්දු ශිෂ්‍යයා මෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව (5 වැනිදා)ප්‍රදර්ශනයක්

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේදී පවත්වන ලදි.

 

මෙම නිර්මාණය පිළිබඳ ව අදහස් දක්වමින් මෙසේ පැවසීය.

ඩ්‍රෝන තාක්ෂණය මගින් ඕනෑම කෙනෙකුගේ ශරීර උෂ්ණත්වය මැනීමට හැකි බවත් ඇඳිරි නීතිය පවතින

අවස්ථාවක මෙම උපකරණය මගින් ඕනෑම පුද්ගලයෙකු ආසන්නයටම නොගොස් මෙම උපකරණයෙන් එම

පුද්ගලයා පිළිබඳව සියලු තතු ලබාගැනීමටත් නිරීක්ෂණ කිරීමෙන් පසු උපදෙස් දීමට ද සෞඛ්‍ය නිලධාරීන්ට සහ

පොලිසියේ නිලධාරීන්ට  හැකි වන බව පැවසීය. එහිදී යම් කෙනෙකුගේ රෝගී තත්ත්වයක් ඇත්නම් වැඩිදුර

ප්‍රතිකාර සඳහා යොමු  කිරීමටද මෙම තාක්ෂණය මගින් උපදෙස් ලබාදීම  කළ හැකි බව පැවසීය. මෙම

උපකරණය සඳහා දිසා වෛද්‍ය නිලධාරී ජේ.එම් ජයතිලක මහතාගේ උපදෙස් සහ සහතිකයක්ද  ලබා දී  ඇත.

මෙම උපකරණය සඳහා විශේෂයෙන් සහය ලබාදුන් තම දෙමව්පියන්ටත් මෙයට උදව් කළ සංජීව

සහ නිමේශ් ප්‍රනාන්දු, මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ ශ්‍රීමා වසන්ති ගුරු මාතාව ද මොරටුව මහ නගර සභාවේ

නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු , ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක යසන්ත විශේෂයෙන් ලබා දුන් සහය ගැන

ස්තුති කරන බව ඩෙවින් ප්‍රනාන්දු ශිෂ්‍යයා  පැවසීය.මෙම උපකරණයේ විශේෂත්වය වනුයේ ලැප්ටොප්

පරිගණකයක් සහ ජංගම  දුරකථනයක් භාවිතා කරමින් නිරීක්ෂණය කළ හැකි බව ද ඒ සඳහා විශේෂ

උපකරණයක් නිර්මාණය කර ඇති බවත් වැඩිදුරටත් පැවසීය.

 

දර්ශාන් කනිල්

මොරටුව