ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක
තද වැසි තත්ත්වයත් සමග ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එම ඒකකය සදහන් කළේ මෙම වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු මරණ 25 ක් වාර්තා වී ඇති බවයි.
ගතවූ මෙම මාස 9 තුළ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 26,238ක් බව එම ඒකකය සදහන් කරයි.
පරිසරය පිරිසිදුව තබා ගැනීම සහ නිසි ලෙස කසල බැහැර නොකිරීම හේතුවෙන් ඩෙංගු යළි හිස ඔසවන අතර, මේ පිළිබදව වැඩි අවධානයක් මහජනතාව යොමු කළ යුතුව ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය වැඩිදුරටත් දැනුම් දෙයි.
