News

තරුණයින් දෙදෙනෙක් මරු කටට යැවූ රිය අනතුර

ඊයේ දින (01) රාත්‍රීයේ 11.00ට පමණ මෙම රිය අනතුර සිදුව ඇත. ඒ මඩකලපුව – කල්මුණ ප්‍රධාන මාර්ගයේ තාලන්කුඩා ප්‍රදේශයේ දී යි.

මෙහිදී අක්කරේපත්තුව සිට කොළඹ දෙසට ධාවනය වූ සුඛෝපභෝගි බස්රථයක් එම දිශාවටම ගමන් කළ යතුරුපැදියක පසුපස ගැටී අනතුර සිදුව ඇත

සිද්දියෙන් මිය ගියේ වයස අවුරුදු 20 සහ 22 යන වයස් වල තරුණයන් දෙදෙනෙක්.

අනතුර කළ බසයේ රියදුරු සහ කොන්දොස්තර සිදුවීම සිදුවූ පසු පළාගොස් ඇත. කාත්තන්කුඩි පොලීසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.