තවත් ආසාදිතයින් 11ක් සුවය ලබයි
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 11දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ මේ වන විට ආසාදිතයින් 3,016දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි.
තවත් ආසාදිතයෙකු වාර්තාවීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,263ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් ආසාදිතයින් 234දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.
එමෙන්ම මෙරටින් ඊයේ (14) දිනයේදී කොවිඩ් මරණයක් වාර්තාවීමත් සමග මෙරට තුළ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව ද 13ක් දක්වා ඉහළ ගොස් තිබේ.
