තවත් ආසාදිතයින් 12ක් පූර්ණ සුවය ලබයි
කොවිඩ්-19 වෛසරය ආසාදනය වූ ආසාදිතයින් 12දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ මේ වන විට සුවය ලබා ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 3,245ක් බවයි.
මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3382ක් වන අතර, ඉන් 124දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව එම ඒකකය සදහන් කළේය.
කොවිඩ්-19 හේතුවෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 13කි.
