News

තවත් කොරෝනා රෝගීන් 26 ක් සුවය ලබයි

තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් 26 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන්ගෙන් 1498 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 441ක් වේ.