News

තවත් කොරෝනා රෝගීන් 377කට සුවයි

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 377දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 12587ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 18075ක් වන අතර රෝගීන් 5422දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.