News

තවත් කොරෝනා රෝගීන් 378කට සුවයි

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 378දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 11031ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 15723ක් වන අතර රෝගීන්4644දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.