News

තවත් කොරෝනා රෝගීන් 83කට සුවයි

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 83දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 3644ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 6287ක් වන අතර රෝගීන් 2629දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.