News

තවත් කොව්ඩ් ආසාදිතයින් 201ක් හඳුනා ගනී

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 201 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි.

නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි 37 දෙනෙකු ද ධීවර වරායන්වලදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් 24 දෙනෙකු ද ඒ අතරට අයත් ය.

කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ සමීප ආශ්‍රිතයින් ලෙස අනෙක් 140 දෙනා හඳුනාගෙන තිබේ.