News

තවත් කොවිඩ් ආසාදිතයින් 03ක් හදුනාගැනේ

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 03 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3118ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

ඉන්දියාව, බහරේන් සහ කටාර් හි සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු එලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සඳහන් කළේය.

අද(05) දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 2918ක් දක්වා ඉහළ ගියේය.

මේ වන විට ආසාදිතයින් 188 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.