News

තවත් කොවිඩ් ආසාදිතයින් 49ක් හදුනාගැනේ

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 49දෙනෙකු හදුනාගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ඉන් 32දෙනෙකු දිවුලපිටිය කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් වන බවත්, ඔවුන් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටින අය බවයි.

ඉන් අනෙක් ආසාදිතයින් 17දෙනා දිවුලපිටිය කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වේ.

ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 1446ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ අතර කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 1552දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ආසාදිතයින් 3328දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.