තවත් නගරයක් වසා දමයි
තලවකැලේ වටගොඩ නගරය අද දහවල් සිට වසා දැමීමට පියවර ගෙන තිබේ.
කොවිඩ් ආසාදිත පුද්ගලයකු එම ප්‍රදේශයෙන් හදුනා ගැනීමත් සමග මෙම පියවර ගත් බව කොටගල ප්‍රාදේශීය සභාව පවසයි.
වටගොඩ වත්ත යොක්ස්පෝඩ් ප්‍රදේශයෙන් හමුවූ එම ආසාදිතයා පෑලියගොඩ මත්ස්‍ය
පෑලියගොඩ මාළු වෙළෙද සංකීර්ණයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවට තොරතුරු වාර්තා වේ.
එම ආසාදිතයා වටගොඩ නගරයේ වෙළෙදසැල් සහ තවත් ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ගොස් ඇති අතර, එ්වා ද වසා දමා ඇති බව කොටගල සෞඛ්‍ය අංශ සදහන් කරයි.
