News

තවත් ශ්‍රී ලාංකිකයින් 591ක් දිවයිනට

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියත් සමග මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 591දෙනෙකු අද දිවයිනට පැමිණ තිබේ.

ගුවන් තොටුපළ අප වාර්තාකරු සදහන් කළේ ඩුබායි හි සිට 191දෙනෙකුත්, මාලදිවයිනේ සිට 60දෙනෙකු, සෞදි අරාබියේ සිට 293දෙනෙකු සහ දෝහා සිර 47දෙනෙකු අද අළුයම දිවයිනට පැමිණ ඇති බවයි.

මෙම මගීන් සියලුදෙනා ගුවන් තොටුපළ තුළදීම පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමු කිරීමෙන් පසු නිරෝධායනය සදහා යොමු කර ඇත.