තවත් සිංහ පැටවු තුන්දෙනෙක් ඉපදිලා
හම්බන්තොට, රිදීගම සෆාරි උද්‍යානයේදී ඊයේ (17 වැනිදා) සිංහ පැටවුන් තිදෙනෙකු උපත ලබා තිබේ.
උද්‍යානය භාර නිලධාරියෙකු සදහන් කළේ ඊයේ පස්වරු 4.45ට පමණ මෙම පැටවුන්ගේ උපත සිදුවූ බවයි.
එම පැටවුන්ගේ මව වයස අවුරුදු 8ක් වන ෂීනා නමැති ජර්මනියේ සිංහ ධේනුවක් වන අතර පියා වයස අවුරුදු 7ක් වන චීනයට අයත් සිංහයෙකු වේ.
ෂිනා නමැති මෙම සිංහ ධේනුව විසින් මීට පෙර සිංහ පැටවුන් සිව්දෙනෙකු බිහිකළ අතර, ඉන් එක් සිංහ පැටවෙකු 2017 වසරේදී සිංහ රෙජිමේන්තුවට පිරිනමා ඇත.
ඊයේ දින උපත ලැබූ එම සිංහ පැටවූන්ගේ ඡායාරූප පහතින්…





