තවත් 109ක් කොවිඩ් ආසාදිතයින්
කොවිඩ් 19 වෛරසය අසාදිත 109දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි.
ඉන් 49 දෙනෙකු පෑළියගොඩ මාළු වෙළෙඳසැළ ආශ්‍රිතව හඳුනාගත් ආසාදිතයින් ය.
ආසාදිතයින් 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හෝ ආශ්‍රිතයින් වේ.
තවත් 23 දෙනෙකු කර්මාන්ත ශාලා සේවකයින්ගේ සමීප ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පිරිසකි.
ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 2451කි.

