News

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 33,000 ඉක්මවයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 356දෙනෙකු හදුනාගෙන ඇත.

එම ආසාදිතයින්ගෙන් 302දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වන අතර, අනෙක් ආසාදිතයින් 54දෙනා බන්ධනාගාර පොකුරට අයත් වන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 33,146ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් ආසාදිතයින් 24,309දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, 8685දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.