News

තවත් 366කට කොරෝනා ආසාදනය වෙයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 366දෙනෙකු අද හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 41,420 දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් ආසාදිතයින් 8008දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන අතර, ආසාදිතයින් 33221දෙනෙකු සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 191කි.