News

තහනම් මාළු ඇල්ලු දස දෙනෙක් අත්අඩංගුවේ

සුරතල් මසුන් ඇල්ලීමේ මුවාවෙන් කලක් සිට තහනම් පන්න ක්‍රමයක් මගින් නීති විරෝධී ලෙස සංරක්ෂිත මාළු විශේෂයක් වන මුහුදු කූඩැල්ලන් ඇතුළු දුර්ලභ ගණයේ මත්ස්‍යයන් මැරීමේ යෙදී සිටි දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව මීගමු කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙම පිරිස දේශීය වෙළෙඳපොළට සහ අපනයනය සඳහා සුරතල් මසුන් ඇල්ලීමේ යෙදී සිටිමින් තහනම් පන්න ක්‍රමයක් වන ස්පියර් ගන් යොදා ගනිමින් මෙම ජාවාරම කරගෙන ගොස් ඇත. මීගමුව දූව ප්‍රදේශයේ කිමිදුම්කරුවන් පිරිසක් මසුන් මැරීමේදී සිටින බවට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ .තිරිකුණාමළය සහ මීගමුවේ පදිංචිකරුවන් වන මොවුන් කාලයක් තිස්සේ මෙම නීති විරෝධී පන්න ක්‍රමය මගින් මසුන් මැරීම යෙදී සිටින බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මසුන් මැරීම සඳහා යොදාගත් ඩිංගි බෝට්ටු පහක් ද ඔක්සිජන් ටැංකි පහක් ද කිමිදුම් කට්ටල 5ක් ද ස්පියර් ගන් පහක් ද සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

රේමන්ඩ් අපෝන්සු මීගමුව