News

ත්‍රිකුණාමලයේ හතර වසර සිසුන්ට ලබන වසර සඳහා අවශ්‍ය පෙළ පොත් නොලැබෙයි

පාසල් වාර අවසානයේදි ලබන වසර සඳහා පාසල් පෙළ පොත් ලබා දිමේදි හතර වසර සිසුන් සඳහා අවශ්‍ය පෙළ පොත් නිසි ලෙස ලැබි නැතැයි ත්‍රිකුණාමලයේ විදුහල්පතිවරු කියති.

පාසල් වාර අවසානයේදි ඊළග වසර සඳහා නියමිත පෙල පොත් ලබා දිම කලයුතු අතර සෙසු ශ්‍රේණි සඳහා පෙළ පොත් ලැබුණද හතර වන වසර සඳහා විෂය නිර්දේශ වෙනස් කිරිම හේතුවෙන් මෙම පෙළ පොත් ක්‍රමවත් ලෙස නොලැබි ඇති බව විදුහල්පතිවරු පෙන්වා දෙති.

ඇතැම් විදුහල් සඳහා හතර වසර ගණිතය පෙළ පොත පමණක් ලැබි ඇති බවත් ඇතැම් විදුහල් සඳහා ඉංග්‍රීසි පෙළ පොත ලැබි නැති බවත් ඇතැම් විදුහල් සඳහා විෂයන් දෙකකට අදාල පෙළ පොත් පමණක් ලැබි ඇති බවත් විදුහල්පතිවරු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් කල විමසුමකට පිළිතුර දුන් නැගෙනහිර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂක එම් කේ එම් මන්සුර් මහතා කියා සිටියේ මේ පිළිබඳව තමන් නොදන්නා බැවින් සිංහල මාධ්‍ය පෙළ පොත සම්බන්ධ ගැටලුව අදාල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් ගෙන් විමසා බලා ඊට පිළියම් යොදන බවයි

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ බදුගේ