ත්‍රිරෝද රථයේ රියදුරු කන්දකාඩු මධ්‍යස්ථානයට
අයි.ඩී.එච්. රෝහලෙන් පලාගොස් සිටි කොරෝනා ආසාදිතයා කොළඹ කොටුවේ සිට කොළඹ ජාතික රෝහල දක්වා රැගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරු කන්දකාඩු මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට තීරණය කර තිබේ.
පලාගිය කොරෝනා ආසාදිතයා නැවතත් අයි.ඩී.එච්. රෝහල වෙත රැගෙන යාමට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.
අදාළ ආසාදිතයා අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (24) අළුයම 2ට පමණ රෝහලෙන් පලා ගොස් ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ඔහු සොයා ගැනීමට විශේෂ හමුදා කණ්ඩායම් යොදවමින් ක්‍රියාත්මක විය.
අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගිය ආසාදිතයා කොළඹ කෙලින් වීථියට ගොස් එතැන් සිට ත්‍රිරෝද රථයකින් කොළඹ ජාතික රෝහලට එම පුද්ගලයා පැමිණ ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙස්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
කෙසේ වෙතත් එම රෝගියා කොළඹ කෙලින් වීථියට පැමිණ ඇත්තේ කෙසේ දැයි සෙවීම සදහා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.
