තැපැල් කාර්යාලක් ගිනි ගනී
මිනුවන්ගොඩ දෙවලපොල මංසන්ධියේ තිබෙන තැපැල් කාර්යාලයට කිසියම් අයෙකු හෝ පිරිසක් ගිනි තබා ඇති බව මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කර ඇත.
ගිනි තැබීම සිදුකර ඇත්තේ තැපැල් කාර්යාලයේ ගොඩනැගිල්ලේ පිටුපස ජනේලයක් කඩා එතුලට ඇතුළුවී ගිනි තැබීම සිදුකර තිබේ. අද (22) අලුයම සිදුවීම සිදුවී ඇති බව පැවසෙනවා. අසල්වැසියකු පොලිසියට කරන ලද දැනුම්දීමකට අනුව පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රයක් දරා එම ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.
සිදුවූ ගිනි ගැනීම නිසා තැපැල් කාර්‍ය්ල ගොඩනැගිල්ලට එතරම් හානියක් සිදුව නොමැති අතර ලිපි ලේඛන ,තරාදියක් ,ප්‍රින්ටරය ,විදුලි පංකා ඇතුළු තවත් දේපොළවලට හානි හානි සිදු වී ඇති බව පැවසෙනවා. කෙසේ වෙතත් මුදල් සේප්පුවටහානියක් සිදු කර නොමැති බවද පොලිසිය වැඩ්දුරටත් සදහන් කරනවා.
