News

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද සිට ඇරඹෙයි

මෙවර මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම අද 13දා සිට 17 වැනිදා දක්වා සිදුකෙරේ. ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල කාර්ය මණ්ඩලය පමණක් අද පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

රජයේ අනෙකුත් කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට සිට 17 වැනිදා දක්වා සිදුකෙරේ.

තැපැල් ඡන්ද කටයුතු කොවිඩ් -19 මාර්ගෝපදේශ අනුව ක්‍රියාත්මක වේදැයි අධීක්ෂණයට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්ය මණ්ඩල යොදවා ඇත.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව තැපැල් ඡන්ද කටයුතු පැවැත්වෙන බැවින් තැපැල් ඡන්දදායකයන් මුඛ ආවරණ පැලඳීම සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා නිල් හෝ කළු පෑනක් රැගෙන එන ලෙසද මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටි.

සාලිය කුමාර ගුණසේකර