තිලකපුර වෙළෙන්ඳියගෙන් මාළු ගත් පාරිභොගිකයන් ඉක්මනින් PHI අමතන්න
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයේ මවක්, ඇයගේ දරුවන් තිදෙනා සහ ඇයගේ සහෝදරියක් ඊයේ (06) රාත්‍රීයේ රෝහල් ගත කල බව වාර්තා වේ.
අදාළ කාන්තාවගේ සැමියා ද මීට පෙර කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර අම්බලන්ගොඩ ධීවර වරාය ආශ්‍රිතව සිදුකර තිබූ අහඹු PCR පරීක්ෂණ හරහා මෙම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බවට පසුව හඳුනා ගෙන තිබේ.
මෙම පුද්ගලයාගේ මාමණ්ඩිය ද ඉන් පසුව කොවිඩ ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ඊට පෙර ඔහු විසින් තිලකපුර සහ ඒ ආශ්රිත ප්‍රදේශවලට කුඩා ප්‍රමාණයේ ලොරි රථයකින් සහ ත්‍රිරෝද රථයකින් ගොස් මාළු අලෙවි කර තිබුණි.
ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිත කාන්තාවද නිවාස වෙත ගොස් මාළු අලෙවි කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් මාළු මිලදී ගත් අය හැකි ඉක්මණින් සෞඛ්‍ය අංශ දැනුවත්කරන ලෙස ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසයි.
