News

තොණ්ඩමාන්ගේ පක්ෂයේ මීළඟ නායකයා සති දෙකකින්

ලංකා කම්කරු කොංග්‍රසයේ මීළඟ නායකයා කවුරුන්ද යන්න තව සති දෙකකින් රැස්වන නායකත්ව කමිටුව තීරණය කරන බව එම පක්ෂයේ භාණ්ඩාගාරික වී. රමේෂ්වරන් ‘අරුණට’ පැවැසීය.

මෙම කමිටුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම්, පක්ෂයේ මහ ලේකම් අනූෂා සිවරාජා, භාණ්ඩාගාරික වී. රමේෂ්වරන්, තරුණ ලේකම් අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමාන්ගේ පුත් ජීවන් තොණ්ඩමාන්, සෙන්දිල් තොණ්ඩමාන්, ජාතික සංවිධායක ආර් රාජදුරෙයි, උප සභාපතිවරුන් වන එස්. සිවරාජා සහ එම්. මාරිමුත්තු යන සාමාජිකයන්ගෙන් සමන්විතය.

ඉදිරි මහ මැතිවරණයෙන් පසු තම පක්ෂයට ඇමැති ධුරයක් හිමි වුවහොත් ඒ සඳහා ජීවත් තොණ්ඩමාන්ගේ නම අනිවාර්යයෙන්ම යෝජනා කරන බවද භාණ්ඩාගාරික රමේෂ්වරන් පැවැසීය.

කලණ වීරසීංහ