News

දකුණු පලාතේ 346කට කොවිඩ්

දකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 346 දක්වා වැඩිවි ඇති බැව දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධීකරන කාර්යාලය පවසයි.

ඊයේ (08) දින නව ආසාදිත රෝගින් 03 නෙකු ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලින් වාර්තා වි ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නාගරික බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගියකුත්, බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගියකුත් වාර්තා වි ඇති බවද කොවිඩි මෙහෙයුම් සම්බන්ධීකරන කාර්යාලය පවසයි.

මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් එක් ආසාදිත රෝගියකු වාර්තා වි ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා අසාදිත රෝගින් 224ක් මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිත රෝගින් 90 දෙනෙකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 32 දෙනෙකු වාර්තා වි ඇති බැව කොවිඩ් මෙහෙයුම් සම්බන්දිකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරන නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

එච් එම් සමන් – අක්මීමන