News

දඩ මුදල් ගෙවීමට නොහැකිව සිටි සිරකරුවන්ට නිදහස

 

 

දඩ මුදල් ගෙවීමට නොහැකි බන්ධනාගාර ගතව සිටින සියලු සිරකරුවන් ජනාධිපතිවරයා විසින් විශේෂ රාජ්‍ය සමාවක් ලබා දී ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා සඳහන් කරන්නේ ඒ අනුව එම සිරකරුවන්ට අද (09) දිනයේ දීම නිදහස හිමිවන බවයි.