News

දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයෙන් නව ආසාදිතයන් කිහිපදෙනෙක්

 

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් තවත් නව කොවිඩ් ආසාදිතයන් තිදෙනෙක් ආසදිතව හඳුනාගෙන ඇති බව තහවුරු කරගෙන ඇත.

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ’ මේ වන විට ආර්ථික මධ්‍යස්ථානයෙන් ආසාදිතයන් 11ක් වාර්තා වී ඇති බවයි. එසේම දඹුල්ල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයෙකුට ද කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙන තිබේ.

එසේම කොවිඩ් ආසාදිතයන් සොයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පී.සී.ආර් පරීක්ෂණ තවදුරටත් සිදුකරමින් පවතින බවද වර්තවනවා.