දහම්පාසල් ගුරු සහතිකපත්‍ර විභාගය කල්යයි
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ජුනි 20 වන දින පැවැත්වීමට තිබූ දහම්පාසල් ගුරු සහතික පත්‍ර විභාගය එදින නොපැවැත්වෙන බව බෞද්ධ කටයුතු පිළිබඳව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දහම්පාසල් ගුරුභවතුන්ගේ දැනුම,කුසලතා සහ ආකල්ප වර්ධනය කිරීමේ අරමුණින් වාර්ෂිකව දීප ව්‍යාප්ත මට්ටමින් පවත්වනු ලබන මෙම විභාගයට මෙවර සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් ගුරුභවතුන් 16000කට අධික අයදුම්පත්‍ර ප්‍රමාණයක් ලැබී ඇත.
පවතින වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් ක්‍රියාත්මක කළ යුතු නිසා ඉදිරියේ වෙනත් දිනක මෙම විභාගය පැවැත්වීමට කටයුතු කරන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි
