දානෙට මරදානෙන් ආ පුද්ගලයාට කොවිඩ්
ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ හබුරුගල ප්‍රදේශයේ දානමය පින්කමකට මරදාන ප්‍රදේශයේ සිට කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයකු සහභාගිවීම නිසා පවුල් තුනක සාමාජිකයන් 21 දෙනකු නිරෝධායනයට ලක් කළ බව ඉඳුරුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්. එච්. නිහාල් රණසූරිය ඊයේ (5 දින) පැවැසීය.
දානයට පැමිණි මෙම පුද්ගලයාට එකවරම උණ හා කැස්ස රෝගය උත්සන්න වීමෙන් අනතුරුව කළ පරීක්ෂාවේදී ඔහු ආසාදිතයකු බව අනාවරණය වී ඇත.
ඇම්. ඒ. ප්‍රේමසිරි – ඉඳුරුව
