News

දැරිය ගැබිනියක් කර පලාගිය සැකකරු අත්අඩංගුවට

වයස අවුරුදු 15ක දැරියක ගැබිනියක කර පලාගිය සැකකරු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මවුපියන් හා ආරවුලක් හේතුවෙන් පසුගිය ජුනි මාසයේ දැරිය තම මහනුවර සිටින මාමා කෙනෙකුගේ නිවසට යාමට බස් රථයක නැගී යන අතර තුරදී සැකකාර තරුණයා හමුවී ඇත.

පසුව ප්‍රේම සබඳතාවයක් ඇති කර ගෙන මසක් පමණ ගියපසු දැරිය දෙල්ගොඩ ප්‍රදේශයේ තබාගෙන අඹු සැමියන් ලෙස දින කිහිපයක් ජීවත් වී ඇත.

අනතුරුව දැරිය පිටකොටුව බස් නැවතුම්පලට ගෙනවිත් දමා ඇත. ගර්භනී තත්වයට පත් දැරිය රෝහල් ගත කිරීමෙන් අනතුරුව දියණියක් බිහිකර ඇත.

රෝහලේ වෛද්‍යවරයෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත කල දැනුම්දීමකට අනුව පැමිණිල්ල විමර්ශනය කර ඇත.

සැකකරු පිලිබඳ තොරතුරක් නොදන්නා බැවින් තරුණයා දැරියට ලබාදුන් දුරකථන ඇමතුම් අංක හරහා පරීක්ෂණ මෙහෙයවා සැක කරු අත්අඩංගුවට ගෙන ඇත.

විසි දෙහැවිරිදි තරුණයෙකු වූ ඔහු මුන්නේෂ්වරම් කෝවිල අසල පළතුරු කඩයක රැකියාව කරන අයෙක් බවට අනාවරණය වි ඇත. පසුව ඔහු එම ස්ථානයෙන්ද පලාගොස් ඇත.

අවසානයේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.