News

දින 21කදී මං තීරු නීතිය දෙලක්ෂ අසූදහසක් කඩලා

කොළඹ නගරයේ ක්‍රියාත්මක මං තීරු නීතිය උල්ලංඝනය කළ රියැදුරන් දෙලක්ෂ අසූදහසකට එරෙහිව මේ වන විට නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මොරටුව- පිටකොටුව, බොරැල්ල- පිටකොටුව සහ කැලණිය – පිටකොටුව දක්වා පසුගිය මාසයේ 22 දින සිට මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක වේ. කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මෙම මං තීරු නීතිය උදෑසන 6 සිට 9 දක්වා වූ කාලය තුළ ක්‍රියාත්මක වෙයි.

ප්‍රමුඛතා මං තීරුවක නිවැරදිව ගමන් කිරීමේ දී රථ වාහන හිමියාට නියමිත ස්ථානයට යාමේ දී විනාඩි 20ක කාලයක් ද ඉතිරි වන බව ගණන් බලා ඇතැයි පොලිස් මූලස්ථානයේ මාර්ග ආරක්ෂාව හා රථ වාහන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ පවසයි.

උදයජීව ඒකනායක