News

දියගමදී නිරෝධායනය අවසන් වූ 53 ක් පිටව යති

හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ නේවාසිකාගාරයේ යුද හමුදාව විසින් පවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෝ 53 දෙනෙක් දින 14 ක නිරෝධායනය අවසන් කර ඊයේ (27 වැනිදා) පිටව ගියහ.

එම පිරිස අතර වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ඉන්දියාවට ගොස් සිට මැයි මස 13 වැනිදා ලංකාවට පැමිණි පිරිසක්ද විය.

යුද හමුදාවේ භටකාර්ය සම්පාදන අණසක ආඥාපති මේජර් ජෙනරාල් අයි. ඕ. වසන්ත මාදොළ විසින් නිරෝධායනය අවසන් කළ පිරිසට සහතික පත්‍ර ප්‍රදානය කිරීමෙන් පසු එම පිරිස පොලිස් ආරක්ෂාව යටතේ බස් රථ මගින් ගම් බිම් බලා පිටව ගියහ.

 

ඩී. එම්. එස්. ප්‍රියලාල්