News

දියතලාවේ සද්දේ දැමු පිරිසට හමුදාවෙන් පිළිතුරු

දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින පිරිසක් සහ එහි රාජකාරි සිදුකරනු ලබන යුධ හමුදා නිලධාරීන් අතර මතභේදයක් ඇති තිඛේ.

මේ පිළිබද සමාජ මාධ්‍ය තුල විඩියෝවක් ද හුවමාරු වෙයි. නිරෝධායන කාලය අවසන් වුවද තමන්ව තවදුරටත් මෙම මධ්‍යස්ථානයේ රඳවා තබා ගැනිම පිළිබද මෙහිදී ඔවුන් විමසා ඇත.

එහිදී යුධ හමුදා නිලධාරියෙකු ඔවුට කරුණු පැහැදිලි කරමින් සඳහන් කරන්නේ නිරෝධායනය වෙමින් සිටින පිරිස අතර කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් තවත් කිහිපදෙනෙකුට වෛරසය ආසාදනය විමේ හැකියාවක් ඇති බැවින් මෙලෙස ඔවුන් රඳවා ඇති බවයි.