දියවන්නා ඔයේ තිබූ මළ සිරුරේ අනන්‍යතාවය හෙළිවෙයි
බත්තරමුල්ල දියවන්නා ඔයේ පොල්දූව පාලම අසල ප්‍රදේශයේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරේ අනන්‍යතාවය තහවුරු කර ගෙන ඇතැයි පොලීසිය පවසයි.
74 හැවිරිදි මියගිය පුද්ගලයා හෝකන්දර සිංහපුර ප්‍රදේශයේ පදිංචි අයෙකු බවට ඔහුගේ ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ.
ඔහු පසුගිය 07 වැනිදා ඥාතීන්ට නොදන්වා නිවෙසින් පිටව ගොස් ඇති බවට ඔහුගේ පුත්‍රයා විසින් එදිනම තලංගම පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෘත ශරීරය සම්බන්ධයෙන් අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
