දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක්
දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහදකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඊට අමතරව මධ්‍යම, සබරගමුව, උතුරු-මැද ඌව සහ නැගෙනහිර පළාත් වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
