දිස්ත්‍රික්ක 05කට නායයෑමේ අවදානම් සහිතයි
මේ වන විට දිස්ත්‍රක්ක 05ක් සඳහා නිකුත්කර ඇති අවදානම් නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.
ඊයේ දින (06) රාත්‍රියේ කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙම නායයැමේ අවධානම් නිවේදනය නිකුත් කිරීම සිදුකළා.
කොළඹ දිස්ත්‍රික්කයේ සිතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නෙළුව සහ නාගොඩ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල හා පාලින්දනුවර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත.
ඊයේ දින පස්වරුවේ සහ රාත්‍රී කාලයේ දිවයිනට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩිබලපෑමක් සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයට බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කරනවා.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ග මතට කඩා වැටුන ගස් නිසා ගමනා ගමනයට බාධා සිදුව තිබුනත් මේ වනවිට ඒවා යතා තත්වයට පත්කර තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කරන්නේ පවතින තත්ත්වය හමුවේ ධීවර හා නාවික ප්‍රජාව ද වඩාත් සැළකිලිමත් වියයුතු බවයි.
