දීපාවාලි උත්සවය පවුලේ අයත් එක්ක විතරක් සමරන්න
හින්දු භක්තිකයින් අති උත්කර්ෂවත් ලෙස සමරනු ලබන දීපවාලී උත්සවය අදට යෙදී තිබේ.
මේ වන විට රට තුළ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය පිළිබදව වැඩි අවධානයක් යොමු කරමින් සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කරන මෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සියලුම හින්දු භක්තිකයන්ගෙන් ඉල්ලා සිටියි.
කොවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීමට සහය වෙමින් දීපවාලි සැමරුම තම නිවසට හා පවුලට පමණක් සීමා කරන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ සම්බන්ධයෙන් හින්දු බැතිමතුන් වැඩි වශයෙන් සිටින ප්‍රදේශවල පොලිස් ස්ථාන විසින් මීට දෙකකට පෙර සිට ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් දැනුවත් කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.
