Food

දුන්තෙල් බත් හදමු!

අවශ්‍ය ද්‍රව්‍ය මූලික

හොඳින් සෝදා පිරිසිදු කරගන්නා ලද බාස්මතී හෝ සම්බා සහල් කිලෝ 1ක්

ඉඟුරු 100g

සුදුලූනු 100g

සිහින් ලෙස පෙති ගැසූ ලොකු ලූනු 50g

පිසීමට ගන්නා තෙල් 200ml

ඝන, ලුණු රසැති සෝයා සෝස් (අවශ්‍ය නම්) මේස හැඳි 1

කජු මද, වියළි මිදි (මුද්දරප්පලම්), කරාබු නැටි සහ ලූනු රැල් ස්වල්පය බැගින්

 

අවශ්‍ය ද්‍රව්‍ය ​A

ලුණු 25g

මිංචි කොළ 10g

රම්පේ කැබැල්ලක්

වතුර කෝප්පයක්

 

අවශ්‍ය ද්‍රව්‍ය B

මහදුරු 50g

කළු ගම්මිරිස් කුඩු 25g

කරඳමුංගු 10g

සූදුරු 50g

කොත්තමල්ලි ඇට 100g

කුරුඳු පොතු කැබලි 1

 

සාදාගන්නා ක්‍රමය

A හි සඳහන් සියල්ල එක්කොට ඉන් සැකසෙන මිශ්‍රණය කෝප්ප 1/4ක ප්‍රමාණයක් වනතෙක් හොඳින් තම්බාගන්න. සහල්වලට එම මිශ්‍රණය එක්කොට Bහි සඳහන් ද්‍රව්‍යද ඊට එක්කොට සෝසා සෝස් ද එකතු කරගන්න. අනතුරුව පිසීමට ගන්නා තෙල්ද එක්කොට සියල්ල ඉතා හොඳින් මිශ්‍රවන සේ හැඳි ගාන්න. පිසින බඳුනකට මෙම මිශ්‍රණය දමා සහල් මට්ටමට සරිලන වතුර ප්‍රමාණයක් ඊට එක්කරගන්න. අවශ්‍ය ප්‍රමාණයට එය තම්බාගෙන ඊට පෙති කැපූ ලූනු, ඉඟුරු, සුදුලූනු, වියළි මුද්දරප්පලම්, කරාබුනැටි සහ කජු මද එකතු කරගන්න. ඉන්පසු මද වියළි ස්වභාවයක් ගන්නා තෙක් මිශ්‍රණය පිසගන්න.

 

ආහාර වට්ටෝරුව එඩ්වඩ් චන්ද්‍රසිරි විසින් රචිත ‘රසින් සපිරි මැලේ බොජුන්’ පොතෙන්…