දුමින්දගේ මරණ දඩුවමට මනෝ ගහපු අත්සන මකයි
මරණ දඩුවමට ලක් වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමට තමන් යෙදූ අත්සන ඉල්ලා අස් කර ගන්නා බව දෙමල ප්‍රගතිශීලී සන්ධාන නායක සමගි ජන බලේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පැවැසීය.
කොළඹ නාරහේන්පිට ජානකී හෝටලේ අද ( 29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හෙතෙම මේ බව පැවැසීය.
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ සටන ජාතික මට්ටමට ගෙන යාම අරමුණු කරගනිමින් තමන් මෙය අත්සන් කළ නමුත් මෙය ඉස්මතු කරමින් 25 වසරක තම දේශපාලන ප්‍රතිරූපය විනාශකිරීමේ කුමන්ත්‍රනයක තමාට එරෙහි පිරිස් නිරත ව සිටින හේතුව මත තමන් යෙදූ අත්සන ඉල්ලා අස්කරගන්නා බව ඔහු ප්‍රකාශ කළේය.
එෆ්. අස්ලම්
